ජලය අඩුවෙන්  පානය කළවිට  ඇතිවන ගැටලු

1081

නිරෝගිමත් දිවියක් ගතකිරීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයකු දිනකට ජලය ලීටර් 2 ක් වත් පානය කළ යුතුය.

 වයස අවුරුදු 1 ත් 5 ත් අතර දරුවකුට දිනකට ජලය ලීටරයක්වත් පානයට දිය යුතුය.

 වයස අවුරුදු 6 ත් 10 ත් අතර වියේ පසුවන දරුවකු දිනකට ජලය ලීටර් 1 1/2 ක් වත් පානය කළ යුතුය. දිනකට නිසි ලෙස ජලය පානය නොකිරීම නිසා ඇතිවිය හැකි අපහසුතා ලෙස ශරීරය විජලනයට ලක්වී පිපාසය ඇතිවීම, මුඛය වියළීම නිසා විෂබීජ වර්ධනය වීම, නිදිමත බව හා ශෘරීරික දුර්වල බව ඇතිවීම, මානසික සන්සුන් බව නැතිවීම, ඉක්මනින් කේන්තියෑම, සම රැලි වැටීම, වියළීම හා දුර්වර්ණවීම ඇතිවේ.

 මීට අමතරව දිගුකාලීනව නිසි ලෙස ජලය පානය නොකිරීම නිසා මුත්‍රා ආසාදන ඇතිවීම, වකුගඩු රෝග මතුවීම ආදිය සඳහා බලපෑම් ඇති කරයි.

 වායු සමනය කළ ස්ථානවල වැඩි කාලයක් ගතකරන විට ඉක්මනින් සිරුර වියළීමට ලක්වේ. නමුත් සීතල බව නිසා පිපාසය නොදැනේ. එනිසා වායු සමනය කළ ස්ථානවල වැඩි කාලයක් ගත කරන අය නිසි ලෙස ජලය පානයට යොමුවිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment