ඇස් අන්ධ කරන ග්ලුකෝමා පාලනය කරන අයුරු

1674

ඇසේ පෙනීම නැති කරන නිහඬ මාරයකු ලෙස ග්ලුකෝමා (Glaucoma) රෝගය හැඳින්වූවාට වරදක් නැත. මන්දයත් ග්ලුකෝමා රෝගය නිසා පෙනීමේ දුර්වලතා මතුවන්නේ ඇස අන්ධවීමේ සීමාවට පැමිණි පසු බැවිනි. එබැවින් මෙම රෝගය පිළිබඳව අප කොයි කවුරුත් දැඩි අවධානයක් යොමු කළ යුතුය. එහිදී දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් වයස අවුරුදු 40 ඉක්ම වූ විට තම ඇස් පරීක්ෂා කර ගැනීම අත්‍යවශ්‍යය. ඔවුනට ග්ලුකෝමා රෝගය ඉතා පහසුවෙන් ඇතිවිය හැකි බව හඳුනාගෙන ඇත.

ග්ලුකෝමා ඇතිවන්නේ කෙසේද?

ග්ලුකෝමා ලෙස හඳුන්වන්නේ ඇසේ පීඩනය වැඩිවීමය. මෙලෙස ඇසේ පීඩනය වැඩිවීම නිසා ඇසෙහි ඇති ස්නායු තෙරපුමට ලක්වී ඒවා හානියට පත්වේ.

මෙලෙස ඇසේ පීඩනය වැඩිවන්නේ ඇසට පෝෂණය ලබාදීම සඳහා නිපදවන තරලය (Aqueous Humour) නිපදවන ප්‍රමාණය සහ එය ඇසෙන් පිටවන ප්‍රමාණය අතර අසමතුළිතතාවයක් ඇතිවීමෙන.ි එහිදී මෙම තරලය ඇසෙන් පිටවන ප්‍රමාණය අඩුවූ විට ඇස තුළ ඇති රුධිර නාළ සහ ස්නායු තෙරපුමට ලක්වීමෙන් ඒවා හානියට පත්වේ.

මෙලෙස දිගු කාලයක් ඇසෙහි පීඩනය පැවැතීම නිසා ඇසේ රුධිර නාළ සහ ස්නායු ක්‍රම ක්‍රමයෙන් හානියට පත්වී ඇස අන්ධභාවයට පත්වීම සිදුවේ’

මෙම රෝගයෙහි ඇති භයානක බව වන්නේ ඇසෙහි රුධිර නාළ සහ ස්නායු සියයට 90ක් (90%) පමණ හානියට ලක්වනතුරු රෝග ලක්ෂණ මතු නොවීමයි.

එසේම කළු සුදු අංක පුවරුව හෝ වර්ණ හඳුනා ගැනීමේ පුවරුව භාවිතයෙන් ඇසේ පෙනීම සම්බන්ධව සිදුකරන පරීක්ෂාවක් මගින් ද ග්ලුකෝමා රෝගය හඳුනාගත නොහැක.

ඇසේ රුධිර නාළ සහ ස්නායු සියයට 90ක් (90%) පමණ හානියට ලක් වූ විට රෝග ලක්ෂණ මතුවේ. එනම් පෙනීමේ දුර්වලතා හටගනී. එහිදී ඇතිවන පෙනීමේ දුර්වලතාව වනුයේ පැති පෙනීමක් සිදුනොවීමය. නාළයක් තුළින් පෙනෙන අයුරින් (Tunnel vision) එක් සීමාවක් ඔස්සේ පමණක් පෙනීම සිදුවේ. එනම් අප පුද්ගලයකු දෙස බැලුවොත් ඔහුගේ හිස පෙනේ. නමුත් දෑත් උරහිස් නොපෙනේ. රෝගයේ ඇති විශේෂත්වය වන්නේ හානියට ලක්වන රුධිර නාළ හෝ ස්නායු යළි සුවපත් කළ නොහැකිවීමය. එනිසා සිදුවන්නේ අන්ධභාවයට පත්වීමයි.

ග්ලුකෝමා රෝගය පාලනය

දියවැඩියා රෝගය ඇති පුද්ගලයන් අවිදුර දෘෂ්ටි තත්ත්වය සහිත අය ඇසට කිසියම් අනතුරකින් හානියක් සිදුවී ඇති අය. ඇසේ සැත්කමක් සිදුකර ඇති අය. ආතරයිටීස්, ඇදුම වැනි රෝග සඳහා දීර්ඝකාලීනව ප්‍රතිකාර ලබාගන්නා අය, අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන් ග්ලුකෝමා රෝගයට ඉතා පහසුවෙන් ගොදුරු විය හැකිය. එනිසා එවැනි පුද්ගලයන් වයස අවුරුදු 40 ඉක්මවූ පසු ග්ලුකෝමා හඳුනා ගැනීම පිළිබඳ අක්ෂි පරීක්ෂාවකට යොමු විය යුතුය. එහිදී මුල් අවස්ථාවේදීම රෝගය හඳුනාගතහොත් ඇස අන්ධවීමේ අවදානම පාලනය කළ හැකිය. ඒ සඳහා නිසි ඖෂධ භාවිතය දිනපතා සිදුකළ යුතුය. එය මුළු ජීවිත කාලය පුරාවටම භාවිතා කළ යුතුය.

ඖෂධ භාවිතය

ග්ලුකෝමා පාලනය සඳහා ලබාදෙන ඖෂධ නිවැරදිව භාවිත කළ යුතුය. උදාහරණයක් ලෙස, රාත්‍රී 7.00ට පෙර ඖෂධය ඇසට යොදන ලෙස වෛi උපදෙස් දී ඇත්නම් එම වේලාවට සිදු කළ යුතුය. ඉන්පසු එම ඖෂධය ඇසට දැමීම ඵලක් නැත. මෙලෙස නියමිත වේලාවක් ලබාදී ඇත්තේ ඇසේ පීඩනය වැඩිවන අවස්ථා අනුවය. එනිසා ඇසේ පීඩනය වැඩිවන අවස්ථාවට පෙර ඖෂධ ඇසට යොදා එම පීඩනය පාලනය කරගත යුතුය. එසේ නොමැතිව ඇසේ පීඩනය වැඩි වූ පසු ඖෂධ යෙදීමෙන් ඵලක් නැත. ඒවන විට ඇසේ රුධිර නාළ සහ ස්නායු ඇසේ පීඩනය නිසා හානියට ලක්වී තිබීම ඊට හේතුවය.

මෙම ඖෂධ මගින් ඇස තුළ තරලය නිපදවීම පාලනය කිරීම හෝ තරලය ඇසෙන් පිටවීම වැඩි කිරීම සිදු කරයි.එය ග්ලුකෝමා ඇතිවීමට බලපා ඇති හේතුව අනුව වෛiවරයා තීරණය කරනු ලබයි. ඒ අනුව අදාළ ඖෂධ ලබාදේ.

ඖෂධය ඇසට යෙදිමේදී එය ඇසේ මැදට වන්නට යෙදිය යුතුයි. ඇසේ කෙළවරකට නොදැමිය යුතුය. ඇසට මෙම ඖෂධය යෙදූ විට එය නාසය දිගේ ගොස් කටින් පිට වේනම් නිසි ලෙස ඖෂධය ඇස තුළට ගොස් නැත.ඇසට ඖෂධ යෙදු විට බොහෝදෙනා පවසන්නේ එය කට තුළටත් පැමිණියා කියා මෙවැනි අවස්ථාවකදීයි. එසේ වන්නේ ඇසත් නාසයත් අරත ඇති සිදුරින් එම ඖෂධ නාසය තුළට ගලායෑමය. එය වළක්වා ගැනීම සඳහා ඇසට ඖෂධ යොදන විට ඇසෙහි නාසය අග කෙළවර ඇඟිල්ලෙන් තද කරගෙන ඇස මැදට ඖෂධ යෙදීම කළ යුතුය.

වැඩිදුර තොරතුරු සඳහා 0112682277 යන දුරකථන අංකය ඇමැතිය හැකිය.

ඇස් අන්ධ කරන ග්ලුකෝමා පාලනය කරන අයුරු

අයිකෙයාර් දෘෂ්ඨි විශේෂඥ විදුහලේ
අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ දෘෂ්ඨි විශේෂඥ
නරේෂ් ප්‍රදාත්

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment