දිය නෑමට ගිය දෙදරු පියාගේ මළ සිරුර පලුගස්දමන ඇළේ

52

අතුරුදන් වූ මිතුරා සොයන්න පොලිස් දැලක්

මිතුරෙකු සමග දියනෑමට ගිය රංගන සංජීව කුමාරගේ නමැත්තාගේ මළ සිරුරු පොලොන්නරුව පලුගස් දමන එකේ ඇළේ තිබී පොලොන්නරුව පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ පලුගස් දමන ගම්මානයේ පදිංචි රංගන සංජීව කුමාර නමැති 43 හැවිරිදි දෙදරු පියකි. මිය ගිය රංගන සංජීව කුමාර ඔහුගේ හිතමිතුරෙකු සමග යතුරුපැදියෙන් දිය නෑමට ගොස් ඇති බවද නැවත ඔහු නිවසට නොපැමිණි නිසා සොයා බලද්දී ඔහුගේ මළසිරුර එකේ ඇළේ තිබී සොයාගත් බව ඔහුගේ බිරිඳ වන දිෂ්නා කුමාරි පොලොන්නරුව පොලිසියට කරන ලද පැමිණිල්ලක සඳහන් වේ. රංගන සංජීව කුමාර සමග දිය නෑමට ගිය මිතුරා සිද්ධියෙන් පසු අතුරුදන් වී ඇති බවද දෙදෙනාම එකේ ඇළ අසල මත්පැන් පානයකර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ. මියගොස් ඇති රංගන සංජීව කුමාරගේ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (22 දා) උදේ පොලොන්නරුව රොහලේ දී පැවැත් විණි. මරණය සිදුවී ඇත්තේ කෙසේද යන්න ඊයේ දහවල් වනතෙක් අනාවරණය නොවීය.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ද සිල්වා සහකාර පොලිස් අධිකාරි චානක ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ගුණතිලක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. ජී. ඩබ්ලිව්. ඉන්දික කුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි. දියනෑමට ගොස් සිද්ධියෙන් පසු අතුරුදන් වී සිටින පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබේ.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment