විහඟ ප්‍රේමය ලොව ප්‍රකට HBO max නාලිකාවේ ප්‍රදර්ශනයට

72

ජාත්‍යන්තර සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර විසින් තිර රචනය ලියා අධ්‍යක්‍ෂණය කළ “විහඟ ප්‍රේමය” හෙවත් Peacock Lament සිනමාපටය ලොව ප්‍රකට HBO නාලිකාව සිය HBO max ඔස්සේ එළඹෙන මාර්තු පළමුවැනිදා සිට පෝලන්තය, රුමේනියාව, හංගේරියාව, බල්ගේරියාව ඇතුළු නැගෙනහිර යුරෝපීය රටවල් ඉලක්ක කොට ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර තිබේ.

විහඟ ප්‍රේමය මෙරට සිදුවන බිළිඳු දරුවන් විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරම පදනම්කොට නිර්මාණය කර තිබේ. ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර සිදුවුණු ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනය ද විහඟ ප්‍රේමයයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර නිෂ්පාදකයින් ලෙස කටයුතු කරන අතර ෆිල්ග්‍රීම්ස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් ආන්ද්‍රෙයා මැග්නානි (Andrea Magíni) සහ කියාරා බාබෝ (Chiara Barbo) ඉතාලි නිෂ්පාදකයින් ලෙස කටයුතු කරයි. සම නිෂ්පාදනයෙන් ලෙස සුරංග හඳපාන්ගොඩ, යුගන්ති යශෝදරා සහ සංගීතා නිල්නදී ගොඩගම කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment