නිරුවත විකුණා මුදල් ඉපැයූ තරුණ යුවළ දැලේ

1089

ලිංගික ක්‍රියා සිදු කරමින් එම දසුන් වීඩියෝගත කර අන්තර්ජාල වෙබ් අඩවියකට මුදා හරිමින් සිටි තරුණ අඹුසැමි යුවළක් රාගම පොලිස් වසමේ දඹුව ප්‍රදේශයේ නිවෙසකදී අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක සහ ඇයගේ විවාහක ස්වාමිපුරුෂයා වූ 24 හැවිරිදි තරුණයෙකි. තමන්ට නිසි ආදායම් මාර්ගයක් නොමැති නිසා පවුලේ ඇතිවූ ගැටලුවලට පිළියමක් වශයෙන් බිරිඳගේ මවගේ පිටිසර නිවෙසට පැමිණ එහිදී බිරිඳ සමග ලිංගිකව හැසිරී එම දසුන් වීඩියෝ කර වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ වෙබ් අඩවියකට උඩුගත කර එමගින් සැලකිය යුතු මුදලක් උපයා ගැනීමට කටයුතු කළ බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

කිසිම රැකියාවක් නොකර කුලී වාහනවල යමින් නගරයේ ලොකු හෝටල්වලින් ඔන් ලයින් ක්‍රමයට කෑම බීම ඇණවුම් කරමින් නිතර විනෝදකාමි ලෙස කාලය ගත කරන මෙම යුවළගේ සැක කටයුතු හැසිරීම් දුටු අවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණලි නිසා අදාළ නිවෙස පරීක්ෂා කිරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.

සැකකාර අඹුසැමි යුවළගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු හෙළිකර ගැනීමට හැකිවූ බවත්, එම නිවෙසේ තිබී සැකකරුවන් ඒ සඳහා යොදා ගෙන තිබු ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, වීඩියෝ කැමරාවක් ඇතුළු තවත් උපාංග කීපයක් හමුවූ බවත් පොලිසිය සඳහන් කරයි.

අන්තර්ජාලය සම්බන්ධයෙන් ඇති රාජ්‍ය අධිකාරීන් සමග එක්ව රාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා වත්සලා කුමාරසිංහ, උප පොලිස් පරීක්ෂක සුභාශන, සැරයන්වරුන් වන (67675) කරුණාරත්න, (27096) උපනන්ද, පොලිස් කොස්තාපල්වරුන් වන (67675) මහින්ද, (16849) කුමාර යන නිලධාරීහු ඉදිරි විමර්ශන කටයුතු සිදු කරති.
බී. ටී. කොටින්කඩුව – ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment