බිල වැඩි කිරීමට කොමිසම හරස් වුණොත් විදුලි කැපිල්ල වැඩිවෙයි

69

විදුලි ගාස්තු ඉහළ දැමීමට කොමිසම අවසර නොදෙන්නේ නම් දෛනික විදුලි කප්පාදුව අනිවාර්යයෙන් ම දිගු කිරීමට සිදුවන බව ලංවිම සභාපති නලින්ද

ඉලංගකෝන් මහතා ‘දිවයින’ ට පැවැසී ය. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ගාස්තු වැඩි නොකළහොත් මණ්ඩලයේ පිරිවැය මහා භාණ්ඩාගාරය මගින් පියවිය යුතු බවද සභාපතිවරයා කීය.

අදාළ නියාමන ආයතනය මගින් තීන්දු කරනු ඇතැයි ද සභාපතිවරයා කීය.

මේ වනවිට කුඩා විදුලි බලාගාර හිමියන් ඇතුළු පෞද්ගලික අංශයෙන් ලබාගත් විදුලිය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 4000 (බිලියන 40) මුදලක් ගෙවිය යුතුව තිබෙන බව ද සභාපතිවරයා පැවැසය.

මෙම යෝජිත විදුලි ගාස්තු ඉහළ දැමීම සිදුකරන්නේ පරණ ණය ගෙවීමට නොව 2023 වසරේ විදුලිබල සැපයුම පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් සපයා ගැනීමට යැයි ද නලින්ද ඉලංගකෝන් මහතා කීය.

දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරමේ විදුලි පාරිභෝගිකයන්ගෙන් ලංවිමට ලැබිය යුතු රුපියල් කෝටි 4000 (බිලියන 40) මණ්ඩලයට අයවිය යුතුව තිබේ.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment