එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය ජනපති හමුවෙයි

79

එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් මහත්මිය ඊයේ (11 දා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රටේ වත්මන් ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ ඇමෙරිකානු රජයේ ප්‍රසාදය අයිලීන් ලෝබකර් මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පළ කළාය.

ශ්‍රී ලංකාවේ සිදු කෙරෙමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳව හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සම්බන්ධ කරුණු මෙන්ම ඒ සඳහා සමුද්‍රීය සහයෝගීතාව ලබාගැනීම පිළිබඳවද සාකච්ඡා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment