අපි ඔක්කොම එනවා: වැඩේ කරනවා – අමරවීර කියයි

85

ආණ්ඩුවට සහාය ලබාදීම නිසා පක්‍ෂ සාමාජිකත්වය අත්හිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට කළ ආරාධනය පිළිගනිමින් හෙට (14 වැනිදා) සහ අනිද්දා (15 වැනිදා) පැවැත්වෙන පක්ෂ විධායක සභාවට සහ සමස්ත ලංකා කාරක සභාවට සියලු දෙනා සහභාගී වන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා “දිවයින”ට පැවසීය.

පක්ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව ආණ්ඩුවට සහාය ලබාදෙන මන්ත්‍රීවරු 9 දෙනාට ලිඛිතව හා දුරකථන මාර්ගයෙන් කළ දැනුම්දීම පිළිගනිමින් එම අවස්ථාවට සහභාගී වන බව ද ඇමැතිවරයා කීය.

ඒ අනුව තමා මෙන්ම නිමල් සිරිපාල ද සිල්වා, චාමර සම්පත් දසනායක, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, සුරේෂ් රාඝවන්, ශාන්ත බණ්ඩාර ඇතුළු මැති ඇමැතිවරු මෙම අවස්ථාවට සහභාගී වන බව ද කියා සිටියේය.

මේ අතර එම මන්ත්‍රීවරුන් පක්‍ෂයේ එකමුතුව සහ පක්‍ෂයේ විනය කඩකරමින් ආණ්ඩුවට සහාය දුන් බවත් ඒ හෙයින් මෙම රැස්වීම සඳහා සහභාගී වීමට එරෙහිව විරෝධය පළකරන බවත් සඳහන් කරමින් පක්‍ෂයේ සංවිධායකවරුන් පිරිසක් පෙත්සමක් භාරදීමට කටයුතු කර ඇතැයි ද පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment