රැවුල හා කොණ්ඩය ආධාරයෙන් බර වාහන ඇද ගිනස් පොතට යන චෙල්ලයියා

258

රැවුලේ හා කොණ්ඩයේ ආධාරයෙන් බර වාහන ඇද වාර්තා රැසක් තබා ඇති යාපනයේ මට්ටුවිල් ගම්මානයේ පදිංචි 60 හැවිරිදි චෙල්ලයියා තිරුචෙල්වම් කොළඹ ගාලු මුවදොර පිටියේ දී කිලෝ ග්‍රෑම් 1550ක් බර වාහනයක් කිලෝමීටරයක් දුරට මිනිත්තු 45ක් තුළ ඇද නව ගිනස් වාර්තවක් 24 දා පිහිටුවා තිබේ.

මෙම අවස්ථාව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා විසින් සංවිධනය කොට තිබූ අතර එම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාරිනී පී.එම්.එස්.චාර්ල්ස් මහත්මිය ද සහභාගී වී සිටියා ය.

රැවුල හා කොණ්ඩය ආධාරයෙන් බර වාහන ඇද ගිනස් පොතට යන චෙල්ලයියා

චෙල්ලයියා තිරුචෙල්වම් වාහනය කිලෝ මීටරයක් දුරට ඇදගෙන යන තුරුම ඔහුව දිරිමත් කරමින් ඩග්ලස් දේවාන්නදා අමාත්‍යවරයා ඔහු සමග ගමන් කිරීම විශේෂ සිද්ධියක් විය.

ගිනස් වාර්තාව නිරීක්ෂණය කිරීම පිණිස එම කමිටුවේ නිලධාරීන් පිරිසක් හා Cholan Book of World Record (CBWR) හි නියෝජිතයන් පිරිසක් කොළඹට පැමිණ සිටි අතර ඔහු එම වාර්තාව පිහිටුවීමෙන් පසුව ඊට අදාළ සහතිකය හා සුබ පැතුම් ද එම නිලධාරීන් විසින් චෙල්ලයියා තිරුචෙල්වම් වෙත පිරිනමනු ලැබීය.

රැවුලෙන් හා කොණ්ඩයෙන් වාහන ඇදීමේදී රැවුල හා කොණ්ඩය එකට රෙදි කඩකින් ගැට ගසා එම රෙදිකඩේ ගැට ගසන ලණුවක ආධාරයෙන් වාහන ඇදීම මෙම පුද්ගලයාගේ වික්‍රමාන්විත ක්‍රියාවයි.

මොහුට ඒ කාර්යයන් සඳහා උදව් උපකාර කරනු ලබන්නේ සිය මිණිබිරියක් වූ 13 හැවිරිදි ක්‍රිෂ්ණිකා නැමති දැරියයි.

චෙල්ලයියා තිරුචෙල්වම් යාපනයේදී අවස්ථා ගණනාවක්ම රැවුලේ හා කොණ්ඩයේ ආධාරයෙන් වාහන ඇද විවිධ වාර්තා පිහිටුවමින් දස්කම් දක්වා ඇති අතර ඔහු වැඩි වශයෙන්ම එසේ කොට ඇත්තේ යාපනයේ කෙවිල්වල උත්සව සමයේදී සහභාගී වන බැතිමතුන් සතුටු කිරීම පිණිසය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment