අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණ ගැන අධිකරණයේ තීරණය

639


කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් මහජන පීඩාවක් වන ආකාරයෙන් විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එය නවතා දමන ලෙසට එම උද්ඝෝෂණකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා අද ප්‍රතික්ෂේප කළේය.

උද්ඝෝෂණයේ යෙදෙන පිරිස් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල පාවිච්චි කර එය මැඩපවත්වන ලෙසට දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරයා පොලීසියේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment