ජර්මන් යෝජනාවට  ශී‍්‍ර ලංකාව බෑ කියයි

924

යුද හමුදා නිලධාරීන් 28 දෙනකුට එරෙහිව අලූත් ජිනිවා යෝජනාවට සම අනුග‍්‍රහය දක්වන ලෙස ජර්මන් රජය කළ ඉල්ලීම ශී‍්‍ර ලංකා රජය ප‍්‍රතික්ෂේප කර ඇත.

ජිනිවා නුවර ජර්මානු තානාපතිවරිය මෙම ඉල්ලීම කර තිබේ. මෙරට හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීමේ ජිනිවා 46/1 යෝජනාව සැප්තැම්බර් මස අවසන් වන නිසා බි‍්‍රතාන්‍යය රජය නව යෝජනාවක් කෙටුම්පත් කර ඇත.

එම යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීමට ජර්මන් රජය ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා තිබේ.

මෙයට පෙර පැවැති 301 ජිනිවා යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීමෙන් රජය ඉල්ලා අස්විය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment