එන්නත්කරණය පිළිබඳ අම්බලන්ගොඩින් රටටම ආදර්ශයක්

245

අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ එන්නත්කරන වැඩසටහන පින්නදූව විහාරස්ථානයේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි රසිකා ගිණිගේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදුවිය.
 
මෙහිදී වයෝවෘද්ධ පිරිස්වලට ඔවුන් පැමිණි වාහනයටම ගොස් එන්නත් කිරීම විශේෂත්වයකි.
 
එහිදී ත‍්‍රීවීල් රථයටක් වෙත ගොස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු විසින් වයෝවෘද්ධ කාන්තාවකට එන්නත් කළ අයුරු ඡුායාරූපයේ දැක්වේ. පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ. ආර්. පාලිත මහතාද අසලින් සිටී.
 
මෙම අවස්ථාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, හෙද සොහොයුරියන්, ආරක්ෂක අංශ ඇතුළු පිරිසක් එක්ව සිටි අතර පින්නදූව ග‍්‍රාම නිලධාරී එස්. එම්. තිලක් මහතා මෙය සංවිධානය කර තිබුණි.
 
බළපිටිය – අනුර යස්මිත්

advertistmentadvertistment
advertistmentadvertistment