ක්‍රිකට් විනිසුරුවරුන්ට ‘මාස්’ අනුග්‍රහය

177

පාසල් ක්‍රිකට් සහ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුකරණයේ යෙදෙන ප්‍රධානම සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක් වටිනා ටී ෂර්ට් වෙනුවෙන් අනුග්‍රාහකත්වයක් ලබා දීමට ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන මාස් හෝල්ඩිංග්ස් ආයතනය පියවර ගනු ලැබීය.

 ජූලි මස 17 වැනිදා දෙහිවල එස්. ද එස්. ජයසිංහ අනුස්මරණ ශ්‍රවණාගාරයේ පැවැති එම සංගමයේ 76 වැනි මහ සභා රැස්වීමේදී එම සංගමයේ සභාපති ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා වෙත ලබා දෙනු ලැබීය. එම සංගමයේ උප සභාපතිවරයකු වන ඇන්ජ ඩෘ ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වය යටතේ මෙම අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමය වෙත ලබා දෙනු ලැබීය.

 මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ද සහභාගිව සිටියේය. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම මහ සභා රැස්වීමේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සංකේතාත්මක ටී ෂර්ට් බෙදා දීම ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment