හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ විමලා ජයවීර අභාවප්‍රාප්ත වෙයි

141

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂ සහ සබරගමුව විශ්වවිද්‍යාලයෙන් හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ විමලා ජයවීර මහත්මිය ඊයේ (23) හදිසියේ අභාවප්‍රාප්ත වූවාය.

ක්‍රීඩා නිලධාරිනියක් ලෙස දීර්ඝ කාලයක් ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධිත ව සේවය කළ ඇය දකුණු පළාතෙන් බිහිවූ ප්‍රවීණ වොලිබෝල්, නෙට්බෝල් සහ මලල ක්‍රීඩා ක්‍රීඩිකාවක ද වේ. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ හිටපු විධායක කමිටු නිලධාරිනියක් මෙන්ම නෙට්බෝල් තේරීම් කමිටු සභාපතිනි ලෙස ද ඇය කටයුතු කොට ඇත.

දෙදරු මවක් වන ඇය හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයවීර මහතාගේ භාර්යාව ද වෙයි. විමලා ජයවීර මහත්මියගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා මාකොළ දී සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment