කච්චතිව් මුහුදේ ගුටි ඇනගත් ඉන්දීය ධීවරයින් 7 කට තුවාල

314

නීති විරෝධී ලෙස උතුරු මුහුදට පැමිණ කච්චතීව් දූපතට නුදුරින් වූ මුහුදේ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් දෙපිරිසක් අතර 10 දා ඇතිවූ ගැටුමකින් දෙපාර්ශ්වයේම ධීවරයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ. මේ තුවාලකරුවන් හත් දෙනාම මේ වන විට රමේසේස්වරන් රෝහලේ ප්‍රතිකාර ලබයි. මේ අන්දමට ගැටුමක් ඇති කරගෙන ඇත්තේ රාමෙස්වරන් හා රාමනාදන්පුරම් ප්‍රදේශ වල ධීවරයින් දෙපිරිසක් වන අතර එම ගැටුමට හේතුව වී ඇත්තේ රමේසේස්වරන් ධීවරයින් පිරිසක් මීට සතියකට පමණ ඉහතදී රාමනාදන්පුරම් ධීවරයින් විසින් අල්ලා ගන්නා ලද මසුන් කිලෝ ග්‍රෑම් 750 ක පමණ ප්‍රමාණයක් හොරකම් කිරීමේ සිද්ධියක් බවට තොරතුරු ලබී තිබේ. එම ධීවරයින් දෙපිරිස උතුරු මුහුදු තීරයේදී එකිනෙකාට හමු වීමෙන් පසුව ධීවරයින් පිරිසක් අනෙක් පිරිස පැමිණි බෝට්ටුවට පැන ඔවුන්ට පහර දී තිබේ. ඒ ආකාරයටම අනෙක් බෝට්ටුවේ සිටි පිරිස්ද ප්‍රහාර එල්ල කිරීම නිසා ධීවරයින් තුවාල ලබා තිබේ.

කච්චතිව් මුහුදේ ගුටි ඇනගත් ඉන්දීය ධීවරයින් 7 කට තුවාල

advertistmentadvertistment
advertistmentadvertistment