දිමුත්ගේ 16වැනි ටෙස්ට් ශතකය සහ මධුෂ්ක ගේ මංගල ශතකය

169

ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිය 16 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අද සමත් විය. අයර්ලන්තය සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 492ක් රැස් කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් එක් කඩුල්ලක් දැවී ලකුණු 228ක් ලබා සිටී.දිමුත් කරුණාරත්න 115කට දැවී ගිය අතර නිෂාන් මධුෂ්ක සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.ඔහු නොදැවී ලකුණු 104 ලබා ක්‍රීඩා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment