ඔලුවිල් මුහුදු ඛාදනයට ඉඩදී විදේශ රටකට දෙන්න හදනවා දැයි අප සොයා බැලිය යුතුයි

36

කොළඹ හිටපු නාගරික මන්ත්‍රි කලීලුර් රහ්මාන්

ඔලුවිල් වරාය ආශ්‍රිත මුහුදු ඛාදනයට පිළියම් යෙදීමට බලධාරීන් නිසි පිළියම් නොදීම දඩමීමා කරගෙන ඇතැම් රටවල් ආයෝජන හා සංවර්ධන උපාය ව්‍යාපෘති මවාපාමින් එම ස්ථාන ආක්‍රමණික පිළිවෙතකට අරඅඳිනවා. උතුරු හා නැඟෙනහිර පළාත්වල ආර්ථික හා ආරක්ෂක මරමස්ථාන අප රට තුළ තම ආධිපත්‍ය තහවුරු කර ගන්නට අරඅඳින විදේශ රටවලට ලබාදීම නුවණට හුරු ක්‍රියාවක් නොවේ යයි කොළඹ හිටපු නාගරික මන්ත්‍රි හිටපු ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජික කලීලුර් රහ්මාන් මහතා පැවසීය.

අසැල්වැසි ඉන්දියාවට මෙම වරාය අනාගතයේදී ලබාදීම සඳහා එම ඔලුවිල් මුහුද ඛාදනයට ලක්වන්න ඉඩ සලසන්නට යම්කිසි වගකිවයුතු නිලධාරීන් කණ්ඩායමක් කුමන්ත්‍රණයන් කරනවාද? යන්න රජය සොයා බලා මෙම වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතට ගෙන එය සංවර්ධනය කර ආයෝජනයට විවිෘත කර එහි වෙසෙන ජන කණ්ඩායම්වලට අගතියක් නොකරන විf්දශ රටක ආයෝජකයන්ට භාරදීම සම්බන්ධව මුස්ලිම් ප්‍රජා දේශපාලන කණ්ඩායමක් ලෙස අපේ විරුද්ධත්වයක් නැහැ.

අප ඉන්දියාව කෙරෙහි මෙලෙස අනිත බියක් දක්වන්නේ ඔවුන් අප මත බලහත්කාරයෙන් පැට වූ පළාත් සභා ක්‍රමය නම් සුදු අලියා නිසා හා ඔවුන් අපගේ දේශයට ආක්‍රමණශීලී ලෙස ඇතුල් වෙමින් මයිසුර් පරිප්පු හෙළීම සම්බන්ධව හා ඉන්දියානු සාම හමුදාව ගෙන්වීමට තරම් පරිසරයක් ඇති කිරීම හා පාස්කු ප්‍රහාරය සම්බන්ධව හිටපු ජනාධිපතිවරයෙකු කළ ප්‍රකාශය පදනම් කරමින් බව ද ඔහු කීය.

advertistmentadvertistment
advertistmentadvertistment