පුත්තලමේ ගුරුවරයාට පහර දුන් තවත් සිසුහු 17ක් අත්අඩංගුවට

101

ගුරුවරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධව පුත්තලම තිල්අඩිය මුස්ලිම් මහා විද්‍යාලයේ මෙවර අ:පො:ස (සා:පෙළ) සඳහා ඉදිරිපත් වන පාසල් සිසුන් දහහත්දෙනකු ඊයේ (25 දා) දහවල් පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකර සිද්ධියට අදාළ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් තේමිය හතුරුසිංහ මහතා ලබා දී තිබූ නියෝගයට අනුව මෙම සිසුන් 17දෙනකු මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙවර අ:පො:ස (සා:පෙළ) සඳහා එම විද්‍යාලයෙන් ඉදිරිපත් වන සිසුන් පිරිසකට අවවාද කළ ගුරුවරයකුට ඔහුගේ නිවසට ගොස් පහරදීමේ සිද්ධියට ඉකුත් 24 දා පුත්තලම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සිසුන් 04 දෙනා 26 දා (අද) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් තේමිය හතුරුසිංහ මහතා නියෝග කළේය. ඊයේ අත්අඩංගුවට ගත් සිසුන් 17 දෙනා අද (26 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment