මම වෙන රටක පදිංචියට යන්නේ නෑ: ඒ කතා බොරු – හිටපු ජනපති මෛත්‍රී කියයි

50

තමා දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටක පදිංචියට නොයන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තමා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය ප්‍රකාශ විවිධ ජනමාධ්‍යයන් හරහා ප්‍රචාරය වන බව මේ දිනවල පෙනී යන බවත් දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටකට පදිංචියට යාමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා කියා සිටී.

දේශපාලන ප්‍රතිවාදීන් ගෙන යන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර තමා විසින් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් තමාට වාරණ නියෝගයක් පනවා ඇති බැවින් පක්ෂයේ බලයලත් නිලධාරීන් විසින් ගම්පහ නගර සභා භූමියේදී ලෝක කම්කරු දිනය සාර්ථකව පැවැත්වීමට සියලුම කටයුතු මේ වනවිට සංවිධානය කරමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment