ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ මැරතන් ශූරතාව පවේන්ද්‍රට සහ නිමේශාට

88

34 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ පිරිමි මැරතන් ශූරතාව කොළඹ දිස්ත්‍රික්කයේ එම්. පවේන්ද්‍ර (02: 50: 07) ක්‍රීඩකයා විසින් දිනාගනු ලැබූ අතර, මෙහි කාන්තා ශූරතාව මොණරාගල දිස්ත්‍රික්කයේ ඩබ්ලිව්. එම්. නිමේශා (01: 25 : 55 ) විසින් දිනාගනු ලැබීය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙලේ කි.මී. 42 කින් සමන්විත වූ පිරිමි මැරතන් තරගයේ දෙවන ස්ථානය බදුල්ල, දිස්ත්‍රික්කයේ දනුෂ්ක ප්‍රභාත් රත්නායක (02: 54: 57 ) හා තෙවන ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ තරුෂ අකලංක (03: 02 :17 ) ට හිමි විය.

කි. මී. 21.0975 ක් දුරැති කාන්තා අර්ධ මැරතන් ධාවන තරගයේ දෙවන හා තෙවන ස්ථාන අනුපිළිවෙළින් මහනුවර දිස්ත්‍රික්කයේ එම්. ජී. අයි. කුමුදු කුමාරි (01: 28: 03) ට හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරුමුගම් අනුෂා (01 : 29 : 46) විසින් දිනාගනු ලැබීය.
වස්කඩුව – ටී. අනිල් සිරිවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment