ඩොලර් නැතිව දින 56 ක් මුහුදේ තිබූ නැවේ බොරතෙල් ගොඩබෑම අරඹයි

91

මුදල් ගෙවාගත නොහැකිව දින 55 ක් මුහුදේ තිබූ මෙටි්‍රක් ටොන් 99,000 ක බොරතෙල් නැව පෙරේදා (12 දා) රාත්‍රියේ සිට ගොඩබෑමට පියවර ගෙන ඇත.

මීට අමතරව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 20,000 ක් අඩංගු නැවේ ඉන්ධන ගොඩබෑම ද ඊයේ (13 දා) සිට ආරම්භ කළ බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන සිපෙට්කෝ ඉන්ධන හල්වලට බෙදාහරින්නේ මාස කිහිපයකට පසුව බව ද එම නිලධාරියා කීවේය.

මේ හැර මේ මාසයේ නැවත ඉන්ධන මිලේ වෙනසක් සිදුනොවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment