දිනේෂ් ශාෆ්ටර් ඝාතනය: 23කගෙන් ප්‍රශ්න කරයි – මාධ්‍ය සාකච්ඡාව ගැන චමුදිතගෙන් ප්‍රකාශයක් ගනී

342

බිරිඳගෙන්ද ප්‍රකාශයක් ගැනීමේ සූදානමක්

ජනශක්ති රක්‍ෂණ සමාගම් සමූහයේ සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් විසිතුන් දෙනෙකුගෙන් පොලිසිය කටඋත්තර ලබාගෙන තිබෙන අතර අවමගුල් කටයුතු අවසන් වූ සැණින් ඔහුගේ බිරිඳගෙන්ද ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව තිබිණි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රහස් පොලිස් මූලස්ථානයට කැඳවූ ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතාගෙන් පැය හයහමාරක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

කෙසේ වෙතත් බ්‍රයන් තෝමස් මහතා එම සිද්ධිය වූ දින නිවසේ දිගටම රැඳී සිට ඇති අතර සිය ජංගම දුරකථනයට ලැබුණු පණිවුඩය ඇතුළු සියලු තොරතුරු ඔහු විසින් පොලිසියට ලබාදී ඇත.

තමා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක්ම නොදන්නා නිසා නිහඬව සිටි බව ද හෙතෙම කියා ඇත.

මේ අතර තුර ඝාතනයට ලක්වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ජංගම දුරකථනය හා හුවමාරු වූ ඇමතුම් හා පණිවුඩ පිළිබඳ පුළුල් දුරකථන විශ්ලේෂණයක්ද ආරම්භ කර තිබේ. ඊට අමතරව එම කාලයේ හුවමාරු වූ සැකසහිත දුරකථන ඇමතුම් හා තොරතුරු ද පොලිස් විමර්ශනවලට ලක්කර තිබේ. ඝාතනයට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයා ගමන් ගත් මග දෙපස සියලුම සීසීටීවී දර්ශන ද විමර්ශනයට ලක්කිරීමට රහස් පොලිස් කණ්ඩායම් පියවර ගෙන තිබේ.
හේමන්ත රන්දුණු – නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment