ගමේ ඡන්දය ඉල්ලූ නඩුව තවත් මසකින් කල්යයි

147

පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඊයේ සිටියේ 04ක් පමණයි

පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් තමන් ඇතුළු රට වැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට නිගමනය කරනා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා ආචාර්ය නිහාල් අබේසිංහ යන පිරිස ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන මස 9 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) නියෝග කළේය.

බුවනෙක අලුවිහාරේ ප්‍රියන්ත ජයවර්ධන, විජිත් කේ. මලල්ගොඩ හා ගාමිණි අමරසේකර යන මහත්වරුන් හමුවේ දී එම පෙත්සම කැඳවිණි. නීතීඥ ශානිකා සිල්වා මහත්මිය මගින් ගොනු කර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මුදල් අමාත්‍යවරයා වෙනුවට නීතිපතිවරයා රජයේ මුද්‍රණාලයාධිපතිනිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු එම කොමිෂන් සභාවේ සාමාජිකයන්, කැබිනට් මණ්ඩලය ඇතුළු 35 දෙනකු නම් කර තිබිණි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයන ලෙසට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මුදල් අමාත්‍යවරයා ඇතුළු බලධාරින්ටත් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා ඇති පරිදි ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර දෙන ලෙසට රජයේ මුද්‍රණාලයාධිපතිනියටත් නියෝග කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment