කුඩු අංජු ආනාථයෙක් හැටියට ලියාපදිංචි වෙලා

2837

ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කුඩු අංජු නමැත්තා එරට ඔප්රා නමැති දේශපාලන අනාථයන් පිළිබඳ ආයතනයේ ලියාපදිංචි වීම නිසා ඔහු මෙරටට එවීමට අසීරු බව ප්‍රංශ ආරංචිමාර්ග කියා සිටියි.

අංජු නමැත්තා ප්‍රංශ කාන්තාවක් සමග විවාහ වී සිටී. මොහුට එරෙහිව පැරීසියේ ඉන්ටර්පෝල් පොලිසිය වරෙන්තුවක් නිකුත් කර නැතැයිද වාර්තාවේ.

ප්‍රංශ ආරංචිමාර්ග පවසන්නේ අංජු වෙනුවෙන් ඉහළම නීතිවේදීන් පිරිසක් පෙනී සිටින බවයි. ඔහුව ශ්‍රී ලංකාවට යවනු ලැබුවොත් ඝාතනය වන බවට එම නීතිවේදීන් කරුණු ඉදිරිපත් කර ඇත.

ප්‍රංශ පොලිසිය අංජු නමැත්තා අද (4) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment