ජේ ශා ක්‍රිකට් ලංකාව හා ශම්මි

2047

ලංකාවේ කණ්ඩායම අදක්ෂ ලෙස ක්‍රීඩා කරන විට කවරෙකු ක්‍රිකට් සභාපති වුවද ඒ අයටත් බැනුම් අසන්නට සිදුවේ. ඇත්තෙන්ම මේ ක්‍රිකට් කණ්ඩායමට ලංකාව ගැන හැඟීමක් ඇත්දැයි මුලින්ම ප්‍රශ්න කළ යුතුය. ලස්සනට හිනා වුණාට ක්‍රිකට් ගසන්නට බැරිය. දක්ෂ මෙන්ම රටට හිතැති ක්‍රීඩකයකු වන්නේ කෙසේද යන්න ඇෆ්ගනිස්තානට එරෙහිව අති සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ග්ලේන් මැක්ස්වෙල් ලෝකයට පෙන්වීය. එදා අපිට අරවින්ද සිල්වා එවන් සුපිරි දස්කම් දක්වන්නට සිටියේය. අද කවුද? තරග පරාජය වුවත් සිනාසෙමින් ක්‍රීඩාගාරයට යන එකළොස් දෙනෙක් අපට සිටී. ඉතින් කවර කතාද? ඔවුන් හොඳ විලාසිතා සංදර්ශන වලට පමණි. සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වීමට ක්‍රීඩකයෝ පොරකති. නමුත් ක්‍රිකට් නොගසති.

මෙරට ක්‍රිකට් ලෝලීහු වඩා සතුටු වන්නේ ඉන්දියාවට එරෙහි ක්‍රිකට් ජයක් ලැබූ විට බව රහසක් නොවේ. ඉන්දියාව හා පාකිස්තානය තරග වදින විට සිංහලයන් ජය පතන්නේ මුස්ලිම් පාකිස්තානයට මිස අල්ලපු රටට නම් නොවේ. එහෙත් ඉන්දියාව සමග කුසලානයේ ලැබූ නින්දාසහගත පරාජය නිසා මෙරට ජනයා ප්‍රකෝපයට පත්විය. ශම්මි සිල්වා විරෝධය පන නැඟුනේ ඒ නිසාය. කවුරු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටියද පිට්ටනියේ ක්‍රීඩා කරන කණ්ඩායම නියම පදිරි කටයුතු නොකරන්නේ නම් තරග ජයග්‍රහණය කළ නොහැකිය. ලංකාව ලෝක කුසලානයේ තරග අටක උඩපන්දු 16ක් බිමට පතිත කර ඇති නිසාම අපේ කණ්ඩායම සිකුරාදා පෙරවරුවේ කටුනායකට පැමිණියේය. ක්‍රිකට් නායක මෙන්ඩිස් පවසන්නේ ජය පරාජය තමන්ට තීරණය කළ නොහැකි බවයි. එසේ නම් ජය පරාජය තීරණය කරන්නේ කවරෙකුද? ප්‍රේක්ෂකයන්ද? තඩි ගොන් කතා කීමට ඔහු දක්ෂයකු බව පෙනේ. නායක පට්ටම ගත්දා සිට ඔහුට සුපුරුදු රිද්මයේ ක්‍රීඩා කරන්නට බැරි විය. ඇත්තටම ලංකාව ලෝක කුසලානයේ අනෙක් කණ්ඩායම්වල දක්ෂතා මට්ටමට පැමිණ නැත. දෙකක් හෝ දිනා ගැනීම ලොකු දෙයකි. කැච් අල්ලන්න බැරි කණ්ඩායමක් ගැන කවර කතාද? ශාම්මිට කලින් මහේල ජයවර්ධන එලවා දැමිය යුතුය. ඔහු සේවය කරන්නේ ලංකාවටද අම්බානිලාටද යන්න ප්‍රශ්නයකි. මන්ද ඉන්දීය තරගයේදී ලංකාව තරගයේ කාසිය වාසිය දිනාගෙන පන්දුවට පහර නොදී පන්දු යැවිය යුතු බව යෝජනා කළේ මේ උපදේශක මහේල විසිනි. එහි වාසිය ගියේ කාටද? ඉන්දියාව දක්ෂ කණ්ඩායමකි. ඒ ගැන තර්කයක් නැත. නමුත් නින්දාසහගත ලෙස පරාජය වීම වළක්වා ගත යුතුය. මෙයින් විනාශ වන්නේ රටේ නාමය නොවේද? මිලියන ගණන් පඩි ගන්නා මහේල සේවය කරන්නේ කවරෙකු සතුටු කරන්නද?

ලංකා කණ්ඩායම ගොඩබැස පැය කිහිපයක් ගතවෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර තිබිණි. ඒ පිළිබඳව දැනුම් දෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල නිවේදනයක් සිකුරාදා නිකුත් කළ අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවියේම පල කර තිබිණි. දැන් සැවොම කතා කරන්නේ මේ ගැනය. ශම්මි සිල්වා එලවීමට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කළද අවසානයේ සිදු වූයේ මෙරට ක්‍රිකට් තහනම් වීම පමණකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇතිවූයේ පසුගිය ඉරිදා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අතුරු කමිටුවක් පත් කරනු ලැබීමත් සමගය. ඉන්පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ද ක්‍රිකට් ක්‍රීඩාව මුහුණදී ඇති ගැටලු විසඳීමට කැබිනට් අනු කමිටුවක් පත් කරනු ලැබීය. එම අතුරු කමිටුව පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මූලික වගකීම් තුනක් නව අතුරු කමිටුවට පවරා තිබිණි. ඒවා මෙසේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා පිළිබඳ සිදුකළ විගණන වාර්තාව මගින් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විමර්ශන සිදුකොට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම. අදාළ විමර්ශන කටයුතු සිදුකිරීම ස්වාධීනව විනිවිදභාවයකින් යුතුව විශ්වාසනීය ලෙස සිදුකරනු ලැබිය යුතු බැවින්, ඒ සඳහා අවකාශය ලබාදීම සඳහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීම ක්‍රියාත්මක කාල පරිච්ජේදය තුළ සහ අන්තර්වාර පාලක මණ්ඩලය විසින් සිදුකරන විමර්ශන කටයුතු අවසන් කොට ප්‍රතිකර්ම සලසන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පරිපාලනය විධිමත්ව පවත්වාගෙන යෑමට කටයුතු කිරීම. එමෙන්ම අදාළ විගණන වාර්තාවේ සඳහන් දූෂණ, විෂමාචාර සහ අක්‍රමිකතා නැවත සිදුවීම වැළැක්වීම සඳහා අදාළ නිර්දේශ කිරීමට හා ක්‍රියාමාර්ග සැකසීම වේ. අතුරු කමිටුව පත් කරන විටම තහනම් පිළිබඳ අඳුරු සේයා මතුවන්නට විය. අර්ජුන රණතුංග ලෝක කුසලානය දිනූ නායකයා බව ඇත්තකි. නමුත් ඔහුට කිසි කලෙක ක්‍රිකට් සභාපති වීමට නම් නොහැකි විය. ලංකාවේ කණ්ඩායම අදක්ෂ ලෙස ක්‍රීඩා කරන විට කවරෙකු ක්‍රිකට් සභාපති වුවද ඒ අයටත් බැනුම් අසන්නට සිදුවේ. ඇත්තෙන්ම මේ ක්‍රිකට් කණ්ඩායමට ලංකාව ගැන හැඟීමක් ඇත්දැයි මුලින්ම ප්‍රශ්න කළ යුතුය. ලස්සනට හිනා වුණාට ක්‍රිකට් ගසන්නට බැරිය. දක්ෂ මෙන්ම රටට හිතැති ක්‍රීඩකයකු වන්නේ කෙසේද යන්න ඇෆ්ගනිස්තානට එරෙහිව අති සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ග්ලේන් මැක්ස්වෙල් ලෝකයට පෙන්වීය. එදා අපිට අරවින්ද සිල්වා එවන් සුපිරි දස්කම් දක්වන්නට සිටියේය. අද කවුද? තරග පරාජය වුවත් සිනාසෙමින් ක්‍රීඩාගාරයට යන එකළොස් දෙනෙක් අපට සිටී. ඉතින් කවර කතාද? ඔවුන් හොඳ විලාසිතා සංදර්ශන වලට පමණි. සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වීමට ක්‍රීඩකයෝ පොරකති. නමුත් ක්‍රිකට් නොගසති.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස ප්‍රකාශ කර තිබිණි. “ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිට නිෂේධ බලයක් තියෙනවා. ඔහුගේ කීම මතනේ ක්‍රිකට් තහනම් කරලා තියෙන්නේ. එහෙම නැත්තම් ඔහු පිටුපස මහා බලයක් තියෙන්න ඕනේ. මම වැඩ කරන්නේ මහජනයාගේ සිතුවිලි අනුව. ආණ්ඩුවේ ඉන්නවා හරි දේ කරන්න. හරි දේ අගය කරන තාක්කල් ඉන්නවා. මේ වෙලාවේ ලැබෙන සහයෝගය අඩුයි. ඉස්සරහට බලමු. ආණ්ඩුවේ නෙමෙයි යම් යම් තැන්වල. ව්‍යවස්ථාදායකයේ සහයෝගය සම්පූර්ණයෙන්ම ලැබිලා තියෙනවා.. කිහිප දෙනෙක් හැර. 225න් 210ක් 212ක් සහාය දෙනවා. මම ඇමැතිකමේ හිටියත් නැතත් මගේ සටන අතහරින්නේ නැහැ. පුද්ගලික නීතිඥයෝ දාලා හරි නඩු කියනවා. මෙයාලා ගහන ගැහිලි අනුව අපි දන්නේ පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ ඒවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව තමයි ක්‍රිකට් තහනම් කළේ කියන එක පැහැදිලිව ප්‍රකාශ වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් බලධාරීන් සෙනසුරාදා පස්වරුවේ පැවසුවේ කුමක්ද? පොලිසියෙන් කිව්වා මට ගෙදර ඉන්න එපා කියලා. තරග පැරදෙන එක නෙමෙයි ප්‍රශ්නය. අපිට හොරු කියන එක. කණ්ණාඩිය ඉස්සරහට ගියානම් පෙනෙයි ඇමැතිට කවුද හොරා කියලා. උසාවි යන්න. ඇමැති ජපානයට යයි. අපි යන්නේ නැහැ මේ රට දාලා. අපි මේක අතහරින්නේ නැහැ. අපි එයාට දුන්නා ලක්ෂ 2900ක්. ක්‍රීඩාවලට වියදම් කරන්න. මෙයාගේ හිතවතුන්ට තමයි මේ සල්ලි වියදම් කළේ. මේකේ විගණනය දෙන්න කියන්න. අපේ ආදායමෙන් 20%ක් එයාගේ අමාත්‍යාංශයට එවන්න කියලා ලියුමක් එව්වා. අපි බැහැ කිව්වා. අපිත් එක්ක තරහව පටන් ගන්න පළවෙනි හේතුව මේක. දේශපාලකයෙක් නිසා නැති වෙන්නේ රටේ ක්‍රිකට්. තනි මිනිහෙක් බොරු කියනවා. අනික් අය හොයන්නේ නැතුව ඔව් ඔව් කියනවා ICC මේක අයින් කළේ නැත්නම් ඩොලර් මිලියන 50ක අලාභයක් අවම වශයෙන් වෙනවා ලබන අවුරුද්දට. මං දන්නේ නැහැ මොනවා වෙයිද කියලා.

ඇත්තෙන්ම පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වූ පමණින් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එම ධුරවලින් ඉවත් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබිණි. එහෙත් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතය ක්‍රිකට් තහනම ඉක්මන් වීමට හේතුවක් විය. මන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එරෙහිව පාර්ලිමේන්තුවේ බ්‍රහස්පතින්දා යෝජනා සම්මත වූ පසු සිකුරාදා ක්‍රිකට් තහනම් විය. එසේම ලංකාව පළමු වරට ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් නොලබා ඉවතට විසිවී ගොස් තිබේ. ඒ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අවම මට්ටක පැවතීම හා 2023 ලෝක කුසානයේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් කණ්ඩායම් අතර රැඳීම නිසාය.

ලෝකයේ ක්‍රිකට් මෙහෙයවන්නේ ඉන්දියාව බව රහසක් නොවේ. ඉන්දියාවට අවශ්‍ය කෙසේ හෝ ලෝක කුසලානය දිනා ගැනීමටය. ලබන ඉරිදා එනම් 19 වැනිදා ලෝක කුසලාන අවසන් තරගය අහමදාබාද් නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේ පැවැත්වේ. ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහා මැතිවරණයේ එක් ප්‍රචාරක කටයුත්තක් ලෙසද මේ ලෝක කුසලාන තරගාවලිය දැකිය හැක. ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති අමිත් ශා ගේ පුතා ජේ ශා ලෝකයේ ක්‍රිකට් මෙහෙයවන්නා වේ. ලංකාවේ ක්‍රිකට් මෙහෙයවන්නේද ඔහුය. ජේ ශාට අවශ්‍ය ඕනෑම වෙලාවක මේ තහනම ඉවත් කළ හැකිය. ඔහු තීරණ ගන්නේ රොෂාන් රණසිංහ වෙනුවෙන් නොවේ. ශම්මි වෙනුවෙනි. පාකිස්තානය හැරෙන්නට ලොව සියලු ක්‍රිකට් පාලක මණ්ඩල ශාට කොන්ද නමති. ඩොලර් බිලියන ගණනින් පොම්ප කළ හැක්කේ මේ ඇමැති පුතාටය. ඇමැති රොෂාන් රණසිංහ එක් අවස්ථාවක ජේ ශා මුණ ගැසීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කළද එයට ප්‍රතිචාර නොලැබිණි. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා ලංකාව ඉන්දියාව හමුවේ ලකුණු 50කට දැවී යන විටත් ජේ ශා ඛෙත්තාරාමයේ තරගය නරඹමින් සිටියේය. කවරක් නමුත් ඉදිරියට ඉන්දීය ආධිපත්‍යට හොඳින් පහරදිය හැකි ලංකා කණ්ඩායමක් බිහි කරලීම මෙරට ක්‍රිකට් බලධාරීන්ගේ වගකීමය. ජේ ශාගේ ආධිපත්‍යයට පහරදිය හැක්කේ පිත්තෙන් හා පන්දුවෙන් පමණකි. එය සියලු දෙනා වටහාගත යුතුය. සිනාසෙමින් ක්‍රිකට් ගැසිය නොහැකිය. එවන් අය ගෙදර නැවතිය යුතුය. තමාට පෙර රටට ආදරය කළ යුතුය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment