අනතුරු වළක්වා ගැනීමේ ජාතික වැඩසටහනේදී නවලිය කර්තෘට සම්මාන…

128

පසුගිය 10 සහ 11 දෙදින ගෝල්ෆේස් හෝටලයේ National Trauma Conference හිදී National Trauma Secretariat විසින් පවත්වන ලද අනතුරු වළක්වා ගැනීමේ ජාතික වැඩසටහනට සමගාමීව මුද්‍රිත මාධ්‍යයෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් නවලිය කර්තෘ හරින්දී ලියනගේ හට ඇගයීමේ සම්මානයක් හිමි විය.

එම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු වළක්වා ගැනීමේ මාර්ගෝපදේශ සහ ක්‍රියාමාර්ග ගැනීමේ ජාතික කමිටුවේ සභාපති ශල්‍ය වෛද්‍ය විශේෂඥ කීර්ති අබේජීව, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය සංජීව ගරුසිංහ, කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ප්‍රතිකාර පිළිබඳ වෛද්‍ය විශේෂඥ ඇන්තනී මෙන්ඩිස්, කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ප්‍රතිකාර පිළිබඳ වෛද්‍ය විශේෂඥ එරන්ද සංජීව, කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයේ ලේඛකාධිකාරි වෛද්‍ය නන්දන කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දෙදින රටවල් 06ක සහභාගිත්වයෙන් පැවති අනතුරු වළක්වා ගැනීමේ ජාතික සමුළුවේ නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය දිවයින, The Island සහ නවලිය පුවත්පත් විසින් ලබාදී තිබුණි.

අනතුරු වළක්වා ගැනීමේ ජාතික වැඩසටහනේදී නවලිය කර්තෘට සම්මාන…
අනතුරු වළක්වා ගැනීමේ ජාතික වැඩසටහනේදී නවලිය කර්තෘට සම්මාන…

පින්තූරය – තුෂාර අතපත්තු

පින්තූරය – වෛද්‍ය අංජු ජයවීර බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment