නිළි රැජනගේ උපන්දිනය දා…

730

සිංහල සිනමාවේ නිළි රාජනිය ආචාර්ය මාලනී ෆොන්සේකාගේ උපන් දිනය පසුගිය තිස්වැනිදාට යෙදී තිබිණි.එදින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් අබියස දී ආගමික කටයුතුවල නිරත වීමෙන් අනතුරුව එදින අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණ සිටි විශාල පිරිසක් වෙත තම උපන්දිනය නිමිත්තෙන් ආහාර බෙදාදීමක් සිදු කරන ලදී. ඒ සඳහා ඇගේ පවුලේ ඥාතීන් ඇතුළු සමීපතම හිතවතුන් කීපදෙනෙක්ද එක්වූහ. පුරා පනස් වසරකට අධික කලක් ශ්‍රී ලාංකීය සිනමා කෙත පෝෂණය කළ ආචාර්ය මාලිනී ෆොන්සේකා මහත්මියට දිවයින සිනමා කලා අතිරේකයෙන්ද සුබ උපන්දිනයක් සහ දීර්ඝායුෂ පතමු.

නිළි රැජනගේ උපන්දිනය දා…
advertistmentadvertistment
advertistmentadvertistment