සිරිල් සමඟ වරුවක්

365

ආනන්දනීය සිංහල සිනමා සංසදය, කලාපුර නිවැසි පදනම, ගල්කිස්ස පොලිස් ස්ථානය හා එක්ව සංවිධානය කළ සම්මානනීය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී සිරිල් වික්‍රමගේ උපහාර පිණිස “සිරිල් සමග වරුවක් ” උපහාර උළෙල ගල්කිස්ස කලාපුර රංගන පරිශ්‍රයේදී පසුගියදා සිදු කෙරිණි.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශාන්ත කුමාර මහතා ඇතුළු සංවිධාන කිහිපයකින් උපහාර තිළිණ ප්‍රදානය කෙරිණ.

සිරිල් සමඟ වරුවක්

එකිනෙකට වෙනස් රංගන කුසලතාවයන්ට හා රංගන විශිෂ්ටත්වයට ජාතික සම්භාවන අවස්ථා කිහිප විටකදීම ලබා ගනිමින් අවදි කළ ප්‍රතිභාව තුළින් ප්‍රදර්ශනය කළ මානව ජීවිතයේ කේන්ද්‍රීය වටිනාකම ජනගත කිරීමට ඉටු කරන ලද උදාරතර මෙහෙවර වෙනුවෙන් මෙම උපහාර උළෙල සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාවට රත්මලාන පරම ධර්ම චේතිය පිරිවෙන් පරිවෙනාධිපති පූජ්‍ය මාඉටිපේ විමලසාර හිමියන් ඇතුළු සංඝරත්නය, කොළඹ අපරාධ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශාන්ත කුමාර, ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය යන මහත්වරුන් ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී වී සිටියහ.

පින්සිරි ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment