යාපනයේ උපන් ප්‍රකෝටිපති පුතා පැවිදි වෙයි

176

යාපනයේ ඉපිද මැලේසියාවේ දැවැන්ත ව්‍යාපාරික කටයුතුවල නිරත පුද්ගලයකුගේ 18 හැවිරිදි පුතා කෝටි ප්‍රකෝටි ධනයක් අතහැර පැවිදි වී තිබේ.

යාපනයේ ආනන්දන් ක්‍රිෂ්ණන් නමැති පුද්ගලයා මැලේසියාවේ දැවැන්ත ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන අතර වසර හතළිහක් පමණ ඔහු මැලේසියාවේ ජීවත් වෙයි.

ඔහු සතු ධනය රුපියල් කෝටි 40,000ක් පමණ වන බවට ගණන් බලා ඇති අතර ඔහුට ඉන්ධන පිරවුම්හල් කීපයක්, දුරකථන ජාලයක්, රූපවාහිනී ආයතනයක් හා චන්ද්‍රිකා පද්ධතියක් අයත්ය.

මැලේසියාවේදී උපන් ඔහුගේ පුතා වන අජාන් ශ්‍රී පැන්යෝ මෙම ව්‍යාපාරවල මීළඟ හිමිකරුවා වුවත් ඔහු ඒ සියල්ලම අතහැර පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

පැවිදිවීමෙන් පසුව ඔහු තායිලන්තයේ තාවෝ දූම් (Tao Dum) ආරාමය වෙත ගොස් එහි සිට ආගමික කටයුතුවල නිරත වීමට තීරණය කර තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment