පවුලේ කිට්ටුම ඥාතීන් සහ හිතවතුන් විශ්වාස කිරීම ළමා අපචාර වැඩිවීමට හේතුවක්

97

බළංගොඩ පොලිසියෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

ළමා අපචාර සිදුවීම පිළිබඳව වාර්තා වන බොහෝ සිදුවීම්වලදී මව්පියන්ගේ සැලකිලිමත්භාවය අඩුවීමත් කිට්ටුම ඥාතීන් හිතවතුන් විශ්වාස කර දරුවන් ඔවුන් භාරයේ තැබීම හා ඇසුරට ඉඩදීම බවත් පැහැදිලි වනවා.

එබැවින් තම දරුවන් නිවෙස්වල රඳවා තබන විටත් බාහිර පන්තිවලට යැවීමට වාහනවලට භාරදෙන විටත් සැලකිලිමත් විය යුතුයි. බළංංගොඩ පොලිසිය මගින් මසකට මෙවැනි දැනුවත් කිරීම් රාශියක් සිදුකරගෙන යන නමුත් මෙම වසරේ රත්නපුර දිස්ත්‍රික්කයේ බළංගොඩ කොට්ඨාස ළමා අපචාර වැඩිවීම කනගාටුවට කරුණක්. 2022 ට වඩා මෙම වසර එවැනි සිදුවීම් අඩු වුවත් වාර්ෂිකව බලනවිට වැඩිවීමක් දක්නට තිබෙනවා.

බළංගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධීපති ප්‍ර.පො.ප. පාලිකා රාජපක්‍ෂ මහත්මිය ඉහත කරුණු සඳහන් කළේ ළමා අපචාර වැළැක්වීම යන මැයෙන් බළංගොඩ සී. සී. දෙමළ විද්‍යාලයේදී මව්පියවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති වැඩසටහනකදීය. වතු ආශ්‍රිතව හා හුදකලා නිවාසවල ජීවත් වන දරුවන් ගැන මව්පියන් සිය අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටව යෑමේ දී වඩාත් සැලකිලිමත් වීම වැදගත් බවද මෙහිදී අවධාරණය කෙරිණි.

බළංගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment