චාමික කරුණාරත්න ඇතුළු 4 ක් එක්දින සංචිතයෙන් ඉවතට

2434

සිම්බාබ්වේ කණ්ඩායම සමග එක්දින තරගාවලිය සඳහා නම් කර සිටි 21 දෙනාගේ මූලික සංචිතයෙන් චාමික කරුණාරත්න, චාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස් ඉවත් කර ඇත.

ඔවුන් සිව් දෙනා නොමැති 17 දෙනෙකුගෙන් යුතු සංචිතයක් ඊයේ (03 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උප නායකත්වයෙන් යුත් එම අවසන් සංචිතයට ක්‍රීඩකයෝ 17 දෙනෙක් ඇතුළත් වෙති.

හිටපු නායන දසුන් ශානක එම සංචිතයේ රඳවා ගෙන ඇති අතර අවිශ්ක ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ හා සහන් ආරච්චිගේ යන ක්‍රීඩකයෝද එම සංචිතයේ රැඳී සිටිති.

තවද වනිදු හසරංග එක්දින තරගාවලියේ පළමු තරග දෙක සඳහා ක්‍රීඩා නොකරන බවත් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා එහිදී සඳහන් කළේය.

“වනිදු ආබාධය නිසා ශල්‍යකර්මයකට මුහුණ දුන්නා. දැන් ඔහු මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා තිබෙනවා. ඒත් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමට පෙර ඔහුට දේශීය තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට සිදු වෙනවා.”

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා ද, 20යි 20 තරගාවලිය ජනවාරි 14 වැනිදා ද ආරම්භ වීමට නියමිත අතර එම සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

අදාළ සංචිතය මෙසේය.

කුසල් මෙන්ඩිස් -(නායක), චරිත් අසලංක – (උප නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, නුවනිදු ප්‍රනාන්දු, දසුන් ශානක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment