තරුණ ප්‍රතිපත්තියම කරේ තියාගෙන නැහැ – නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග

377

ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තේරීමේදී තරුණ ක්‍රීඩකයන් මතම යැපීමේ ප්‍රතිපත්තියේ තමන් නොසිටින බවත් දක්ෂතා අතර සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ටද කණ්ඩායමේ දොරටුව ඕනෑම වෙලාවක විවෘතව පවතින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා ඊයේ (03 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පත්වීමෙන් පසුව පැවති පළමු මාධ්‍ය හමුව වූ ඒ සඳහා සෙසු තේරීම් කමිටු සාමාජිකයෝ වන ඉන්දික ද සේරම්, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන සහ ඩිල්රුවන් පෙරේරා යන මහත්වරු ද සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ උපුල් තරංග මහතා මෙසේද පැවසීය.

“කණ්ඩායමට තරුණ ක්‍රීඩකයන්ම ගන්න ඕනා කියලා අපි හිතන්නේ නැහැ. ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් රැසක් තිබෙන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ අපේ රටේ ඉන්නවා. ඒ අය හොඳින් දක්ෂතා අතර සිටිනවා නම් අපි ඔවුන් කණ්ඩායමට එකතු කර ගැනීමට පසුබට වෙන්නේ නැහැ. ඒ අතරින් සමහර අයට ලෝක කුසලාන තරගාවලි සඳහා වුණත් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා. තරුණ ක්‍රීඩකයන්ට ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ලැබෙන අත්දැකීම් ඉතා වැදගත්.

ක්‍රීඩකයන් තේරීමේදී අපි කවදාවත් පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ. සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගත් පසු පෞද්ගලිකවත් මම ඔවුන්ට කතා කරනවා. තෝරා නොගත් අයටත් කතා කරනවා. අපේ තේරීම් කමිටුවේ බලාපොරොත්තුව ක්‍රීඩකයන් තමන් ක්‍රීඩා කරන ස්ථානය වෙනස් නොකර ක්‍රීඩා කිරීමට යෙදවීමයි. දේශීය තරග ක්‍රීඩා කිරීමේදීත් අපි ඔවුන්ට එම ස්ථානවලම ක්‍රීඩා කරන්න කියලා දැනුම් දී තිබෙනවා. ධනංජය ද සිල්වා ට සහ දිනේෂ් චන්දිමාල් ට එක් දින කණ්ඩායමට පැමිණීමට තිබෙන බාධකයත් එයයි. ඔවුන් හොඳින්ම ක්‍රීඩා කරලා තිබෙන්නේ අංක 3 සහ 4 ස්ථානවලයි. එම ස්ථානවල මේ වන විට සදීර සමරවික්‍රම සහ චරිත් අසලංක යන ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කරනවා. ඒ වගේම අවිශ්ක ප්‍රනාන්දුත් පන්දු වාර 20 -20 තරගවල යම් දුර්වලතාවයක් පෙන්නුම් කර තිබෙනවා. ඒත් ඔහුගේ එක්දින තරග දක්ෂතා හොඳයි.

දසුන් ශානක පහුගිය තරගවල හොඳින් ලකුණු අතර සිටියේ නැහැ. අපි අලුත් රටාවකට යන්න හිතාගෙන ඉන්නවා. එහිදී කුසල් මෙන්ඩිස් අපේ නායකයා ලෙස තෝරා ගත්තා.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment