ශී‍්‍ර ලංකාව අද අයර්ලන්තය හමුවෙයි – විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය

583

* කණ්ඩායමේ වෙනසක් නැහැ – පුහුණුකරු මිකී ආතර්

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සහභාගි වන දෙවැනි තරගය අද (20 වැනිදා) අයර්න්තය සමගින් අබුඩාබි හි සෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව.730ට ආරම්භ වීමට නියමිතය. එ් අනුව තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන් ජයගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රාහි මානසිකත්වයෙන් යුතුව අද අයර්ලන්තය හමුවීමට නියමිතය.

ශී‍්‍ර ලංකාව අද අයර්ලන්තය හමුවෙයි - විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය යටතේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ‍්‍රී ලංකාව දෙවෙනි වටය සඳහා ප‍්‍රවේශය ලබා ගැනීමට මෙම තරගයේ ජයග‍්‍රහණය වැදගත් වන අතර ශ‍්‍රී ලංකාව එහිදී

සහභාගී වන අනෙක් තරගය නෙදර්ලන්තය සමගින් පැවැත්වීමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම නායක දසුන් ශානක විසින් මෙහෙයවනු ලබන අතර අයර්ලන්ත කණ්ඩායමේ නායකත්වය ඇන්ඩි බල්බි‍්‍රන් විසින් දරනු ලබයි.

පෙරේදා පැවති තරගයෙන් ශ‍්‍රී ලංකාව නැමීබියා කණ්ඩායම පරාජය කරමින් කඩුලූ 7 ක පහසු ජයක් ලැබීය.

අද තරගය සඳහාද පළමු තරගයේදී කී‍්‍රඩා කළ කණ්ඩායමම යොදා ගැනීමට අපේක්ෂා කරන බවත් එම තරගයේදී අසාර්ථක වුවත් අංක 3 ස්ථානය සඳහා දිනේෂ් චන්දිමාල් කෙරෙහි විශ්වාසය තබා සිටන බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඊයේ අබුඩාබි හි පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය. දිනේෂ් චන්දිමාල් පුහුණු තරග තුනේදී හොඳින් ලකුණු අතරට පැමිණි බවත් ඔහු සතු අත්දැකීම් සමගින් අද තරගයේදී කණ්ඩායම වෙනුවෙන් සැළකිය යුතු දස්කම් ඔහුගෙන් බලාපොරොත්තු වන බවත් මිකී ආතර් මහතා පැවසීය.

ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ඉකමනින් දැවී ගියහොත් පැතුම් නිස්සංක සමගින් තවත් නවකයෙකු පවර්ප්ලේ අවස්ථාවේ කී‍්‍රඩා කිරීම කණ්ඩායම පැත්තෙන් අවධානමක් ගැනීමක් බවත් එ් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. දක්ෂ දඟ පන්දු යවන්නන් තිදෙනකු සිටින ශී‍්‍ර ලංකාවට හොඳ වේග පන්දු යවන්නන් දෙදෙනකු ලැබී තිබීම පන්දු යැවීමේ අංශයේ විශාල වර්ධනයක් බවත් දුෂ්මන්ත චමීර දැන් ලෝක මට්ටමේ පන්දු යවන්නෙකු බවට පරිවර්තනය වී ඇති බවත් එ් මහතා ප‍්‍රකාශ කළේය.

අද තරගයට ක‍්‍රීඩා කිරීමට අපේක්‍ෂිත ශ‍්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, වනි`දු හසරංග, අවිශ්ක ප‍්‍රනාන්දු, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ.

අයර්ලන්ත කණ්ඩායම – ඇන්ඩි බල්බි‍්‍රනි (නායක), මාක් අඩෙයර්, කර්ටිස් කැම්පර්, ගැරත් ඩෙලනි, ජෝජ් ඩොක්‍රෙල්, ජොෂ් ලිට්ල්, ඇන්ඩි මැක්බි‍්‍රන්, කෙවින් ඕබ‍්‍රයන්, නීල් රොක්, සිමි සිංග්, පෝල් ස්ටර්ලින්, හැරි ටෙක්ටර්, ලොර්කන් ටකර්, බෙන් වයිට්, ක්‍රෙයිග් යන්ග

කුෂාන් සුබසිංහ අබුඩාබි සිට…

advertistmentadvertistment
advertistmentadvertistment