මෛත්‍රී හදන්නේ දේශපාලන මඩක් ගසා ප්‍රසිද්ධියක් ගන්නයි – මහින්ද රාජපක්‍ෂ

1893

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය අද මුළු රටටම විශාල ප්‍රශ්නයක් බව හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා දිවයිනට ඊයේ (24 දා) පැවැසීය.

‘දිවයින’ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්‍ෂ මහතා එසේ ප්‍රකාශ කළේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. ඔහු මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී සිදු කළා නම් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ඔහුට සහනයක් ලබා ගැනීමට තිබුණා. නීතිමය තත්ත්වය ගැන සැලකිලිමත් නොවී, ඔහු මෙම ප්‍රකාශය කළේ දේශපාලන වශයෙන් මඩ ප්‍රහාරයක් එල්ල කරලා ලොකු ප්‍රසිද්ධියක් ලබා ගන්නයි.

නීතිමය තත්ත්වයට ඔහු දැන් මුහුණ දිය යුතුයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment