නමුණුකුල ඛේදවාචකයක්: විදුලි රැහැනේ උපකරණය පැටලී දෙදෙනෙක් මරුට

216

පස්සර නමුණුකුල පොලිස් බල ප්‍රදේශයේ කෝවිලක ඊයේ උදේ පැවැති උත්සවයක් සැමරීම සඳහා ට්‍රැක්ටරයක නැගී

ගමන්ගත් හින්දු බැතිමතුන් පිරිසක් රැගෙන ගිය කිසියම් උපකරණයක් අධිබලැති විදුලි රැහැනක ගැටීම නිසා දෙදෙනකු විදුලි සර වැදී මියගොස් ඇති අතර තිදෙනකු රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (24දා) මෙම අනතුර සිදුව තිබේ. මෙම ට්‍රැක්ටරය මාර්ගයේ පහළ සිට උඩට ධාවනය වූ මොහොතේ මෙම අනතුර සිදුවූ බව නමුණුකුල පොලිසිය කියයි. අධිබලැති විදුලි රැහැන් අනතුර පිළිබඳව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වෙදමුල්ල මහතාගේ අධීක්‍ෂණය යටතේ විමර්ශන සිදුකෙරේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment