යොවුන් සංචාරක රූ රැජින නෙළුනී

157

ඝානා රාජ්‍යයේ පැවති 04 වන යොවුන් සංචාරක රූ රැජින Miss Teen Tourism තරගාවලියට සහභාගී වී, එහිදී ජයග්‍රාහිකාව බවට පත් වූ නෙළුනී සෞන්දර්යා මෙනවිය 23 දා උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

මෙම තරගාවලිය රටවල් 20ක තරඟකාරියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 01 වැනිදා සිට 20 වැනිදා දක්වා ඝානා රාජ්‍යයේ අක්‍රා නුවර පවත්වා තිබූ අතර ශ්‍රී ලංකාව පළමු වරට මෙම ජයග්‍රහණය හිමි කර ගැනීම ද විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණය රැගත් නෙළුනී සෞන්දර්යා මෙනවිය පසුගිය 23 වැනිදා අලුයම 05.20 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

ඇය පිළිගැනීම සඳහා මෙම තරගාවලියට ඇය යොමු කළ නෙක්ස්ට් ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනයේ ජාතික අධ්‍යක්ෂ චරිත් ගුණසේකර, එම ආයතනයේ සහෝදර නිරූපිකාවන් මෙන්ම ඇයගේ දෙමාපියන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment