ශ්‍රී ලංකා – ලාඕසේ මූල්‍ය බුද්ධි ඒකක අතර ගිවිසුමක්

115

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සහ ලාඕසයේ මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම කැනඩාවේ වැන්කුවර් නගරයේ දී සිදු විය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ලාඕස බැංකුවේ නියෝජ්‍ය අධිපති වතනා දලලෝයි මහත්මිය අතර එම අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනුණි.

මහ බැංකු අධිපතිවරයා ඉකුත් ජූලි 11 සිට ජූලි 14 දා දක්වා කැනඩාවේ වැන්කුවර් නගරයේදී පැවැති මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ වාර්ෂික සැසිවාරයට සහභාගි වන අතරතුර මේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම ද සිදු විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment