කාසල්රි සහ මාවුස්සාකැලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට

30

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසීය.

ජලාශ දෙකේම ජල මට්ටම ඊයේ (01 දා) උදෑසන වනවිට පිටාර මට්ටමේ සිට අඩි 18 ක් දක්වා පහළ බැස ඇති බවත්, ජලාශයට යටවී තිබූ දූපත් යළි මතු වෙමින් පවතින බව එම ඉංජිනේරුවරුන් පැවසීය.

දැනට පවතින ජල ධාරිතාව විදුලි උත්පාදනයට ප්‍රමාණවත් බවත්, ඒ අනුව කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සමාන්‍ය පරිදි සිදු කරන බවද ඉංජිනේරුවරුන් වැඩිදුරටත් පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment