ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා රැසක් වසා දමයි

798


පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීමේ වැඩපිළිවෙල යටතේ මේ මස 31 වැනිදායින් පසු ගුවන් විදුලි සංස්ථාවේ දැඩි ලෙස පාඩු ලබන සියලු‍ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා අදාල සංඛ්‍යාත ඔස්සේ ජාතික ගුවන් විදුලි නාලීකා සමග ඒකාබද්ධව පවත්වාගෙනයාමට එම සංස්ථාව තීරණය කොට ඇත.
ඒ අනුව සියලු‍ම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා මේ මස 31 වැනිදා සිට අදාල සංඛ්‍යාත ඔස්සේ ජාතික ගුවන් විදුලි නාලීකා සමග ඒකාබද්ධ කරන ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම සංස්ථාවේ අධ්‍යක්ෂ (ප්‍රාදේශීය සේවා/සංවර්ධන ) සහ සියලු‍ ගුවන් විදුලි ප්‍රාදේශීය සේවා සහකාර අධ්‍යක්ෂවරුන් සහ පාලකවරුන්වෙත චක්‍රලේකයක් මගින් දැනුම් දී තිබේ.
මේ අනුව ගුවන් විදුලි සංස්ථාවේ සියලු‍ ප්‍රාදේශීය සේවා එදිනෙන් අවසන් වනු ඇත.
මේ අතර රුහුණ,රජරට සහ කඳුරට යන ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා සිංහල ස්ව⁣දේශිය සේවය සමඟත් යාපනය ප්‍රාදේශීය ගුවන් විදුලි සේවය සහ එෆ් එම් සේවය දෙමළ ස්වදේශීය සේවය සමඟ ඒකාබද්ධව කරන ලෙසටත් එම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment