“‍සිහිනයකි ආදරේ”‍ විශේෂ දර්ශනය දා

46

දේශීය සිනමා කර්මාන්තය යළි පිබිදෙමින් ඇති වටපිටාවක එය තවදුරටත් දියුණුව කරා රැගෙන යෑමේ අපේක්ෂාවෙන් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT – MOBITEL ”‍ සිහිනයකි ආදරේ”‍ චිත්‍රපටය බල ගැන්වීමට ඉදිරිපත්ව සිටී.

සිහිනයකි ආදරේ චිත්‍රපටයට දායක වන ප්‍රවීණ හා නවක නළු නිළි කැළ,රටේ විවිධ කේෂේත්‍ර තුළ තරුණ පරපුරේ දක්ෂතා දිරිගැන්වීම ඉලක්ක කරන SLT – MOBITEL දැක්ම සමග මැනවින් සමපාත වන පිරිසකි.සිහිනයකි ආදරේ සිනමා සිත්තම ගෙනෙන ආදරයේ බලාපොරොත්තුව සමගින් නිර්මාණශීලීත්වය ඔස්සේ අර්ථවත් සම්බන්ධතා ඇති කිරීමට SLT – MOBITEL දිගින් දිගටම දායක වනු ඇත. මෙහි විශේෂ දර්ශනයක් පසුගියදා කොළඹ වන් ගෝල්ෆේස් හි පිහිටි පීවීආර් සිනමා සංකීර්ණයේදී පැවැත්විණි. එම විශේෂ දර්ශනය සඳහා සිහිනයකි ආදරේ සිනමා සිත්තම හැඩකළ නළු නිළියන් මෙන්ම නිෂ්පාදකවරයා සහ කලාකරුවන් ඇතුළු අමුත්තන් රැසක් සහභාගි වූහ.

නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment