හඳුනාගත් ක්‍ෂය රෝගීන්ගෙන් භාගයක්ම ඉන්නේ බස්නාහිර පළාතේ

85

මෙරට සිටින හඳුනාගෙන ඇති ක්‍ෂය රෝගීන් අටදහසක පමණ පිරිසකගෙන් සියයට 46 ක ප්‍රමාණයක් බස්නාහිර පළාතේ සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා පවසයි.

එම පිරිසෙන් සියයට 23 ක් කොළඹ දිස්ත්‍රික්කයේ සිටින බවත් ඒ අතරින් දහසක් පමණ කොළඹ මහ නගර සභා සීමාවේ සිටින බව හෙළිවී ඇති බව ද ඔහු කීය. කොළඹ නාගරික ජනතාවගේ වැරදි සහගත පුරුදුවලින් ක්‍ෂය රෝගයට පිටිවහලක් ලැබී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය. මේ පිළිබඳ ක්‍ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන මගින් විශාල කාර්ය භාරයක් ඉටු කළ ද මේ සම්බන්ධයෙන් ජනතාව ද පූර්ණ අවධානය යොමු කළ යුතු යැයිද හේ තවදුරටත් සඳහන් කළේය. මෙම සැමරුම පැවැත්තුනේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොළඹ මහ නගර සභාව මගින් ලබාදුන් අනුග්‍රහයන් මත කොළඹ උතුර දිසා අංක 1 හා දිසා අංක 2 ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සංවිධානයෙනි. තමන්ද 2009-2012 දක්වා ක්‍ෂය රෝගය මර්දනය කිරීමේ කටයුතුවල නිරතවූ අතර එහි අධ්‍යක්‍ෂවරයා ලෙස ද ක්‍රියා කළ බව සඳහන් කළ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා විශේෂ වැඩසටහන් ඉලක්ක කර ඉලක්ක ගත කණ්ඩායම් තුළින් රෝගීන් හඳුනා ගත් අතර නව පරීක්‍ෂණවලින් රෝගීන් මැනවින් හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර කිරීම විශේෂිත යැයි හේ සඳහන් කළේය.

එම වැඩසටහනේ හිටපු අධ්‍යක්‍ෂ හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය හේමන්ත හේරත්, ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය එෂාන්ත් පෙරේරා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය මහේන්ද්‍ර ආර්නෝල්ඩ්, කොළඹ උතුර දිසා අංක 1 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සසන්ක රණසිංහ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මිෂායා කාදර් යන මහත්ම මහත්මීහු ද කතා කළ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය (ප්‍රජා සෞඛ්‍ය) වින්යා ආරියරත්න මහතා මෙහිදී විශේෂ දේශනය පැවැත් විය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment