මෙන්න අමුතු කුරුල්ලෝ ජාතියක්: අනේ…. සමහරුන්ට ගහලා!

247

ස්කැන්ඩිනේවියානු කලාපයේ සිට ශ්‍රී ලංකාවට වාර්ෂිකව සංක්‍රමණය වන ඉතා දුර්ලභ හා තර්ජනයට ලක්ව සිටින “සියක්කාරය” හෙවත් ප්ලෙමින්ගෝ කුරුලු රෑනක් මන්නාරම් කලපුව ආශ්‍රිතව ප්‍රදේශයට පැමිණ සිටිති.

ඉතා ආකර්ෂණීය සුදු මිශ්‍ර තද රෝස පැහැති වර්ණයෙන් හා ශරීරයෙන් විශාල මෙම පක්‍ෂින්ගෙන් 500 කට ආසන්න පිරිසක් මෙවර ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී සිටින අතර මෙම කුරුල්ලන් නැරඹීමට දේශීය මෙන්ම විදේශීය සංචාරකයෝ හා ඡායාරූප ශිල්පීහු විශාල පිරිසක් මේ දිනවල මන්නාරම් ප්‍රදේශයේ සැරිසරති.

සුප්‍රකට මන්නාරමේ වන්කාලේ ජාත්‍යන්තර රැම්සා තෙත්බිම් අභය භූමියේ සැරිසරන මෙම දුර්ලභ කුරුල්ලන්ට ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගන් දැඩි තර්ජන එල්ල වීමෙන් තැතින් තැනට සැරි සරන්නට සිදුව ඇති බව ‘දිවයින’ කළ සොයා බැලීමකදී අනාවරණය විය.

මෙන්න අමුතු කුරුල්ලෝ ජාතියක්: අනේ…. සමහරුන්ට ගහලා!

මසුන් ඇල්ලීම හා නිකරුනේ ගැවසෙන පුද්ගලයින් මෙම කුරුල්ලන්ට පහරදී එළවා දැමීමට කටයුතු කිරීමෙන් එම කුරුල්ලෝ අසරණ වෙති. මාස කිහිපයකට පමණක් මේ රටට පැමිණෙන වශිකෘත දුර්ලභ කුරුල්ලන් ආරක්‍ෂා කිරීම සඳහා වනජීවී නීතිය යටතේ වහාම වැඩපිළිවෙළක් සකස් කරන ලෙස පරිසරවේදීහු වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිති.

සටහන සහ ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment