මහජන බැංකුවේ වෙබ් අඩවියෙන් AI-Chatbot පහසුකම්

34

මහජන බැංකුව ගනුදෙනකුරුවන් වෙත නව තාක්ෂණයෙන් සපිරි, අසමසම සේවාවක් පිරිනැමීමේ අරමුණින් සිය www.peoplesbank.lk නිල වෙබ් අඩවිය තුළින් AI-Chatbot සේවාව දියත් කරයි. මේ තුළින් ගනුදෙනුකරුවන්ට ඕනෑම දිනක, ඕනෑම වේලාවක තම විමසීම් සඳහා කඩිනම් ප්‍රතිචාර ලබා ගැනිම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය සැලසේ.

මෙම AI-Chatbot සේවාව, බැංකු ක්ෂේත්‍රයට අදාළ ශක්තිමත් දැනුම් පද්ධතියකින් හා පුළුල් භාෂා ඥානයකින් ඒකාත්මිකව, කෘතිම බුද්ධියෙන් ගනුදෙනකුරුවන්ගේ ගැටලු සඳහා ස්වයංක්‍රියව පිළිතුරු සපයමින්, ඉහළම බැංකු අත්දැකීමක් ගනුදෙනුකරුවන්ට පිරිනමයි. සිංහල, ඉංග්‍රීසි හා දෙමළ භාෂා භාවිත කරන්නට AI-Chatbot සේවාව පහසුවෙන් ලබා ගත හැකි පරිදි, එම භාෂා ත්‍රිත්වයෙන්ම මෙය දියත් කර තිබිම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment