අධ්‍යාපන චාරිකා බස් දෙකක් තුන්නානේදී හැප්පී 20ක් රෝහලේ

91

අධ්‍යාපන චාරිකාවක් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සිට හෝමාගම ප්‍රදේශීයට පැමිණි බස් රථ 06 කින් බස් රථ 02ක් පාදුක්ක පොලිස් වසමේ තුන්නාන ප්‍රදේශයේදී එකිනෙක ගැටීමෙන් සිසුන් 20 දෙනෙකු සහ එක් ගුරුවරියක තුවාල ලබා ඊයේ (15) දින පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

නාරම්මල මයුරපාද ජාතික පාසලේ සිසුන් පිරිසක් බස්රථ 06කින් හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය අසල ඇති නැනෝ තාක්ෂණ ආයතනයේ එක්දින වැඩමුළුවකට සහභාගි වී ඇත.

මෙම බස් රථ මාර්ගයේ ධාවනය කරන අවස්ථාවේදී ඉදිරියෙන් ගිය බස් රථයක පිටුපස, පිටුපසින් පැමිණි බස් රථය ගැටීමෙන් සිසුන් 20 දෙනා සහ ගුරුවරිය තුවාල ලබා ඇත.

අනතුරින් පසු තුවාලකරුවන් පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් සිසුන් 17 දෙනෙකු සහ ගුරුවරියක ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. සිසුන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

බස් රථය සහ රියැදුරු පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පාදුක්ක පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතාගේ උපදෙස් මත, රථ වාහන අංශයේ නිලධාරීහු අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පාදුක්ක නීල් රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment