වෛද්‍යවරුන් රට යෑම වැළැක්වීමට අට වැදෑරුම් යෝජනාවලියක්

112

බුද්ධි ගලනය වළක්වා, වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමේ අරමුණින් රජයට ‘අට වැදෑරුම් යෝජනාවලියක්’ ඉදිරිපත කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට 1500කට අධික විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රට හැර දමා ගොස් ඇති බවත්, තවත් වෛද්‍යවරුන් 5000කට වැඩි පිරිසක් ඉදිරි වසරක කාලය තුළදී විදේශ වෛද්‍ය සේවාව වෙත පිටත්ව යෑමට අදාළ සුදුසුකම් සපුරා ඇතැයි ද එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය, හරිත අලුත්ගේ මහතා පවසයි.

වෛද්‍යවරුන් රට හැර දමා යෑම කෙරෙහි බලපා ඇති ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති වැටුප් හා දීමනා පිළිබඳ ගැටලුවට කෙටි හා මධ්‍ය කාලීන විසඳුම් නිශ්චිත කාල රාමුවක් තුළ ලබා දීමට කඩිනමින් ක්‍රියා කරන ලෙස රජය ඇතුළු බලධාරීන්ට සිය යෝජනාවලිය මගින් දැනුම් දී ඇතැයි ද වෛද්‍යවරයා කියා සිටී. කෙටි කාලීන විසඳුමක් ලෙස වෛද්‍යවරුන්ගේ ‘ෘ්ඔ දීමනාව’ වහාම යාවත් කාලීන කරන ලෙසත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ පොරොන්දු වූ බදු සංශෝධන සහ සහන ලබාදෙන ලෙසත් වෛද්‍යවරුන්ට අනන්‍ය වූ සුවිශේෂි වැටුප් ව්‍යුහයක් හඳුන්වා දෙන ලෙසත් සිය අට වැදෑරුම් යෝජනාවලිය මගින් රජයට ඉදිරිපත් කර ඇතැයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment