විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සැකසීම මෙරට සහ ඉන්දියානු නියෝජිතයන්ට

125

ඇමරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය, ඉන්දියානු ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය, ශ්‍රී ලංකාවේ බලශක්ති වැඩසහනේ නියෝජිතයන් සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ නියෝජිතයන් සමග දැනට ක්‍රියාත්මක වන විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වන ලැබුණි.

විදුලිබල පනත සංශෝධනය කර විදුලිබල මණ්ඩල සතු භෞතික මෙන්ම මානව සම්පත් නිසි පරිදි ස්ථානගත කිරීම, මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තීරණාත්මක කටයුත්තකි. මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා ඇමරිකානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය විසින් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාලය සමග එක්ව කටයුතු කිරීමට ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනයේ මෙරට සහ ඉන්දියානු නියෝජිතයන් වෙත එම ක්‍රියාවලිය සකස් කිරීමේ වගකීම ලබා දී ඇත.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම් වෙනුවෙන් සහය ලබාදෙන පාර්ශවකරුවන් වන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය මෙන්ම ඇමරිකානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණ කටයුතු සිදුකරන අතර ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ඉට ු කළ යුතු කාර්යයන් සම්බන්ධීකරණය කරමින් සිදු කරනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment