තවත් ප්ලාස්ටික් අයිතම 9ක් තහනම්

69

තවත් තනි භාවිත ප්ලාස්ටික් අයිතම 9 ක් ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට තහනම් වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඒ අනුව තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන, තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි,

ගැරුප්පු, පිහි, ප්ලාස්ටික් මල්මලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි ද තහනම් වේ.

එමෙන්ම එම වර්ග රට තුළ නිෂ්පාදනය, ආනයනය, විකිණීම, ප්‍රදර්ශනය කිරීම ජාතික පාරිසරික පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිමය ප්‍රතිපාදන ඔස්සේ වරදක් වේ.

මේ සඳහා පරිසර හිතකාමි විකල්ප ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ද මෙම තහනම ඔස්සේ පියවර ගැනීම සිදුවනු ඇතැයි අධිකාරය කියයි.

මේ අතර හාලිඇල ජල මුලාශ්‍ර රක්ෂිත පාරිසරික ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ද මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශයට පත්කර තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment