පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ 7000 ක් අද සංකේත වර්ජනයක

66

ඉල්ලීම් 07 ක් මුල්කරගෙන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද (24 දා) සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇත. වර්ජනය අද (24 දා) උදේ 8.00 ට ආරම්භ කර හෙට (25 දා) පෙරවරු 8.00 දක්වා පැවැත්වේ.

මේ සඳහා වෘත්තීය කාණ්ඩ 05ක නිලධාරීන් හත්දහසක් (7000) පමණ සහභාගි වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

වර්ජනය සඳහා සියලු පිළිකා ආයතන, මාතෘ හා ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව යන ආයතනවල නිලධාරීන් සහභාගි නොවන බව ද කුමුදේශ් මහතා කීය.

බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය දිගින් දිගටම ප්‍රමාද කිරීම, ශ්‍රේණි උසස්වීම් ගැටලුව විසඳීම සඳහා චක්‍රලේඛය නිකුත් නොකිරීම, නව බඳවා ගැනීම් නවතා දමා සේවාවන් බිඳවැටීමට සැලැස්වීම, අසාධාරණ ලෙස විනය නීති භාවිතා කරමින් වෘත්තීය සමිති නායකයන් හා සාමාජිකයන් මර්දනයට උත්සහ කිරීම ආදී කරුණු සඳහා විරෝධය දක්වමින් මෙම වැඩවර්ජනය පවත්වන බවත්, එයින් පිළිතුරක් නොලැබුණහොත් ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කර තීරණය කරන බවත් ඒ මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment