මාධ්‍යවේදිනී ටි‍්‍රලීෂියාගේ ඝාතකයාට දුන් මරණ දඩුවම තහවුරුයි – අභියාචනාධිකරණය

460

සන්ඬේ ලීඩර් පුවත්පතේ හා ප‍්‍රංශ පුවත් සේවයේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ ටි‍්‍රලීෂියා (මෙල්) ගුණසේකර මෙනෙවියගේ නිවසට රහසිගතව ඇතුළුවී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් විත්තිකරුට නියම කර තිබූ මරණ ද`ඩුවම තහවුරු කරමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කළේය.

2017 ජුලි 05 වැනිදා කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විසින් නියම කළ මරණ ද`ඩුවම ඇතුළු දණ්ඩන නියෝගයන් අභියෝගයට

ලක්කරමින් අරුලානන්ද ඇන්ටන් පෙරේරා නමැති පින්තාරකරුවකු විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සම විභාග කළ සම්පත් අබේකෝන් සහ ප‍්‍රභා කුමාර රත්නම් යන විනිසුරු මඩුල්ල එම තීන්දුව නිකුත් කළේය.

2014/02/02 වැනිදා දහවල් බත්තරමුල්ල, ශ‍්‍රී බෝධිපුර පිහිටි මෙල් ගුණසේකර මෙනෙවියගේ නිවසට ඇතුළුවී තිබූ එම විත්තිකරු ඇයගේ කාමරයේ තිබූ රුපියල් 1700 ක මුදලක් සහ බ්ලැක්බෙරි වර්ගයේ දුරකථනයක් කොල්ල කා එම අපරාධය සිදුකර පලාගොස් තිබිණි.

මහාධිකරණ විනිසුරුවරයා විසින් සිය සේවාදායකයාට එරෙහිව එම ද`ඩුවම නියම කර ඇත්තේ නීතියට අනුකූලව නොවන බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා කරුණු දක්වා තිබූ නමුත් පැමිණිල්ල මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ අභියාචනාධිකරණය එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment