කඳුරට නිල් මහ සටන ජය පැරදුමෙන් තොරයි

92

මහනුවර ත්‍රිත්ව විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර 105 වැනි වරට ක්‍රියාත්මක කෙරුණු “කඳුරට නිල් මහ සටන” මහ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. මහ තරග ඉතිහාසය තුළ ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණු 70 වැනි තරගය ලෙස එය වාර්තා අතරට එක් විය.

ශාන්ත අන්තෝනි විදුහල තම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 249 ට පිළිතුරු ලෙස ත්‍රිත්ව විදුහල රැස් කර ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 232 කි. ඒ වන විට බිඳ වැටී තිබුණු කඩුලු ප්‍රමාණය 09 කි.

පන්දු වාර 89 ක් පුරා පන්දුවට පහර දෙමින් ලකුණු 249 ක් රැස් කිරීමට ශාන්ත අන්තෝනි පිල සමත් වූ අතර පන්දු වාර 96 ක් පුරා පිතිකරණයේ යෙදෙමින් තම ලකුණු 232 ලබා ගැනීමට ත්‍රිත්ව විදුහලට සිදු විය.

ශාන්ත අන්තෝනි පිතිහරඹයේ දී කැපී පෙණුනු තිසර ඒකනායක (63) ජනිත් රත්නසිරි (59) අගනා අර්ධ ශතක වාර්තා කළ අතර ත්‍රිත්ව විදුහල වෙනුවෙන් විදුර ධම්මගේ (70) අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම සියල්ල දැවී ලකුණු 249

තිසර ඒකනායක 63, ජනිත් රත්නසිරි 59, කෞෂික කුමාරසිංහ 32, ජනක රත්නායක 16, ඉඳුවර ගලපිටගේ 16, කවීෂ පියුමාල් 14, කෙවින් රමික 13, බිමාෂ් විදුදය (නොදැවී) 12, තරූෂ දසුන් 10, චාරුක ඒකනායක 01, දිනුර ගනේගොඩ 00.

පන්දු යැවීම

(දිනුක තෙන්නකෝන් 02/43, වතිල උදාර 02/33, සුපුන් වඩුගේ 02/14, මනුලොව කුලරත්න 02/68, මලිත් රත්නායක 01/34, ධරණ විමලධර්ම 01/45)

ත්‍රිත්ව විදුහල පළමු ඉනිම කඩුලු 09 කට ලකුණු 232

විදුක ධම්මගේ 70, ඩිමන්ත මහවිතාන 39, මනුල කුලරත්න 36, දිනූෂ පීරිස් 21, සුපුන් වඩුගේ 18, වතිල උදාර 00, පුලීෂ තිලකරත්න 09, ජනිත් රවිෂ්ක 11, ධරණ විමලධර්ම 03, මලිත් රත්නායක (නොදැවී) 05, දිනුක තෙන්නකෝන් (නොදැවී) 05.

පන්දු යැවීම

(බිමාෂ් විදුදය 03/30, කවීෂ පියුමාල් 02/60 තිසර ඒකනායක 01/36, තරූෂ දසුන් 01/20, චාරුක ඒකනායක 01/38)
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment